නිවහල් රටක් ගොඩනැගීමේ වගකීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එහි ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහියංගනය දිස්ත්රික්කය උපරිම සංවර්ධනයකට යොමු කළේ මහින්ද රාජපක්ෂ යුගයේ බවයි නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් මහියංගනයේ පැවති ජන රැලියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා.