වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලබා දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
එමෙන්ම වයස අවුරුදු 18ට අඩු අය සඳහා එන්නත නිර්දේශ නොකරන නමුත්, ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් සඳහා ද එය සුවිශේෂී තත්ත්වයන් තුළ භාවිත කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.