රාජ්‍ය ආයතන තුළ ඇති භාෂා ගැටලුව විසදමින් අවශ්‍යතා සහිත සෑම ස්ථානයකටම දෙමළ භාෂා නිලධාරීන් යොමුකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
වතු කම්කරු ජනතාවගේ වැටුප් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රට අනුරට ජන රැළි මාලාවේ තලවකැලේ ජන රැළිය අමතමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
එම බලවේගයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළකළා.
මේ අතර අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ තවත් රැළියක් නාවලපිටිය ප්‍රදේශයේ දී පැවැත්වුණා.