විශේෂ කාර්ය බලකායේ සහ පොලීස් නිල ඇඳුම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුනේ ගන්දර පොලිස් වසමේ දෙවිනුවර ප්‍රදේශයේදීයී.
නීත්‍යානූකූල අවසරයක් නොමතිව යම් අපරාධපයක් සිදු කිරීම සදහා මෙම නිල ඇඳුම් සන්තකයේ තබා ගන්නට ඇති බවටයි සැක පල කෙරෙන්නේ.
සැකකරු වයස අවුරුදු 25 ක ගන්දර, හේනෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර විමර්ශන සදහා ඔහු ගන්දර පොලිසිය භාරදී තිබෙනවා.