යාගී සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ පුද්ගලයින් 74 දෙනෙකුට දිවි අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය සිකුරාදා සිට මේ දක්වා යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අධික වර්ෂාවත් සමඟ ගංවතුර හා නායයාම් රැසක් ද සිදුව ඇති බව සදහන්.
පුද්ගලයින් 89 දෙනෙක් අතුරුදන් බව එරට හමුදා පාලන අධිකාරිය නිවේදනය කරන අතර අතුරුදන් හා අවතැන් පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අධික ගංවතුරත් සමඟ ජලාශ 5ක වේලී බිදී ගොස් ඇති අතර නිවාස 65,000ට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද වාර්තා වනවා.
පුද්ගලයින් 235,000ට අධික සංඛ්‍යාවක් අයහපත් කාලගුණයෙන් අවතැන්ව සිටින බවයි මියන්මාර හමුදාව නිවේදනය කරන්නේ.