රජයේ නිලධාරීන් කැරළිගැසීමට පෙළඹවීමේ චෝදනාව යටතේ සිරගතකර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඉම්රාන් ඛාන්ට අයත් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමක් හරහා කැරැල්ලක් ඇති කිරීමට රජයේ නිලධාරීන් පෙළඹවීමට උත්සාහ කර ඇති බවයි ඔහුට චෝදනා එල්ලවන්නේ.
පෙඩරල් විමර්ශන ඒජන්සියට අදාළ නිලධාරීන් පිරිසක් හිටපු අග්‍රාමාත්‍යවරයා සිරගතකර සිටින සිරකඳවුරේ දී ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව ද සදහන්.
රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීම සහ අරාජික කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ මෙම සමාජ මාධ්‍ය ගිණුම භාවිත කර ඇති බවටයි පාකිස්තාන රජය හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කරන්නේ.
එමෙන්ම අග විනිසුරුවරයාට සහ අනෙකුත් ඉහළ පෙළේ ආයතන ප්‍රධානීන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුකිරීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවට ද පාකිස්තාන රජය චෝදනා කරනවා.