නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩිකොල කිලෝග්රෑම් 700 ක නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
කල්පිටියට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොල තොගය සොයා ගැනුනා.
ඩිංගි යාත්රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සිදු කරන මෙහෙයුම් හේතුවෙන් ඩිංගි යාත්රාව සහ බීඩිකොල ගෙය මුහුදේ අතහැර දමා යන්නට ඇති බවයි සැක පල කෙරෙන්නේ.
බීඩිකොල තොගය සමග ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සදහා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.