මහියංගනයේ දී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් ත්රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් මාර්ගයේ නතර කර තිබූ ත්රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම අනතුර සිදුව තිබෙන්නේ මහියංගනය බදුල්ල ප්රධාන මාර්ගයේ ඇලෑවේල ප්රදේශයේදී.
එම ත්රීරෝද රථයේ සිටි එකම පවුලේ 4 දෙනෙකු බරපතල තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 24 හැවිරිදි තරුණියක් මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ 3 දෙනෙකු ගමන් කර ඇති අතර අධික වේගය හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි පොලීසිය පවසන්නේ