නාවුල බෝවතැන්න ප්රදේශයේ දී අඹන් ගගේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු දියපහරට හසුවී ගාසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.
සිද්ධිය පිළිබදව නාවුල පොලීසිය දැනුවත් කර තිබුණා.
එහිදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ජලාශයේ විවෘත කර තිබූ සොරොව්ව වසා දැමීමට කටයුතු කළා.
දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් කාන්තාවන් දෙදෙනා බේරාගෙන තිබෙනවා.
ඔවුන්ට ප්රථමාධාර ලබාදීමෙන් පසු දෙමව්පියන් වෙත භාරදුන් බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 20, 25 යන වයස්වල පසුවන කෝන්ගහවෙල හා කාගම යන ප්රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙක්.