යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යුරෝපා කලාපයට බලපා ඇති අධික වර්ෂාවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ රුමේනියාවටයි.
අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අවතැන් පිරිස් රදවා තැබීම සදහා සහන කදවුරු රැසක් ස්ථාපනය කර තිබෙනවා.
නැගෙනහිර රුමේනියාවේ නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.
ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආරක්ෂක අංශ කැදවා තිබෙනවා. චෙක් රාජ්ය, පෝලන්තය, ඔස්ට්රියාව, ස්ලෝවැකියාව හා හංගේරියාවට ද ගංවතුරෙන් දැඩි හානි සිදුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අගවා ඇත්තේ.