ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පෝලියෝ මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 560,000 කට වැඩි පිරිසකට ලබා දී තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ, පළමු අදියරේ දී ඉලක්කගත ආවරණයෙන් 90% කට වඩා ළඟා වී ඇති බවයි.
එමෙන්ම දෙවන මාත්‍රාව සති හතරකින් ලබා දීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ.