හිටපු යුද හමුදා සාමාජිකයකු විසින් මෙහෙයවනු ලබන විවිධ අපරාධ සිදුකිරීම සඳහා වාහන සොරකම්කර විකුණන කල්ලියක සාමාජිකයින් 4 දෙනෙකු,සොරකම් කරන ලද ත්‍රී රෝද රථ 2ක් හා යතුරු පැදියක්ද සමගින් අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන්ට හැකි වී තිබෙනවා.
ඔවුන්ට ලද තොරතුරකට අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව,කළුතර දකුණ පොලිස් වසමේ මිහිකතවත්ත,කටුකුරුන්ද,ගුවන්ගම ප්‍රදේශවල පදිංචි 29,33,32 හා 60 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් අදාල වාහනද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රශ්න කිරීම් මගින් මේ සඳහා තවත් පුද්ගලයින් සම්බන්ධ වී ඇති බවද මේ වන විට අණාවරණය වී ඇති අතර ඔවුන්වද අත්අඩංගුවට ගැනීමට නියමතව තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිතයටද හුරුවූවන්.
සැකකරුවන් 4 දෙනා දකුණු කළුතර පොලිස් ස්ථානයට අද දින භාර දීමෙන් අනතුරුව කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.