චීන ජාතික මහජන කොංග්‍රසය පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීම අද(14) උදෑසන බෙයිජිං මහජන මහා ශාලාවේ දී සිදු වුණා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කරමින් පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා, ජාතික මහජන කොංග්‍රසයේ වැදගත් කාර්යභාරයට පූර්ණ ක්‍රියාකාරිත්වය ලබා දිය යුතු බවයි.
ජනතාව සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යාමේදී ජාතික මහජන කොංග්‍රසයේ ප්රමුඛ භූමිකාවට පූර්ණ දායකත්වය ලබා දිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.