1960 ගණන්වල පැවති සාමජවාදී කඳවුරුවලට එල්ල කරන ආගම්වාදී චෝදනාව ඇතැම් බංකොලොත් දේශපාලනඥයන් තවමත් එල්ල කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඉදිරි දින කිහිපයේ දී ජාතික ජන බලවේගයට එල්ල කරන චෝදනා තවදුරටත් ඉහළ යා හැකි බවයි ඒ මහතා කියා සිටින්නේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රණය අපේක්ෂාවෙන් අනුරාධපුරේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ජන රැළිය අමතමින් කිහිපදෙනෙකු අදහස් දැක්වුවා.