සමගි ජන බලවේගය කිසිදු දිනක ප්රචන්ඩත්වය ක්‍රියාත්මක කර නැති බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එදා භීෂණය වැපිර වු අය අද බලය ලබා ගැනීමට උත්සහ දරණ බවයි ඒ මහතා කියා සිටින්නේ.
හබරාදූවේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
ජනාධිපතිවරණයේ දී ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජනහමුව පැවැත්වුණා.
රටේ සෞඛ්‍ය ක්ෂේත්රය ඉහළම තලයකට ගෙන ඒමට තම රජයක් යටතේ ක්‍රියා කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සමගි සෞඛ්‍ය සමුළුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.