නීති විරෝධිව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් මෙන්ම දුම්වැටී නැවත පුරවා ගැනීම සදහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් මගියෙකුගේ බෑගයක් පරීක්ෂා කිරිමේ දී මේවා සොයා ගෙන තිබෙන්නේ.
ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා.
කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි ඔහු ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා. ඔහුගේ ගමන් මල්ලේ දුම්වැටී එක්ලක්ෂ විසිදහස් හාරසියක් තිබි සොයා ගැනුනා.