එංගලන්තයේ විශාලතම පාසලක ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.
එංගලන්තයේ විශාලතම පාසල් ඇකඩමියක් වන ඔර්මිස්ටන් හි පාසල් කාලය තුළ දී ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා.
රට පුරා පිහිටි එහි පාසල් 42 ක සිසුන් 35,000 කට පමණ ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය මේ අනුව තහනම් වනවා.
ඉගෙනුම් ඉගැන්වීම් ක්රියාවලිය ඔඅහසු කිරීමට, මෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්යය යහපත් කර ගැනීමට ද මෙය වැදගත් වනු ඇති.
මෙම තහනම් කිරීමට පෙර දෙමාපිය අදහස් ද සැලකිල්ලට ගෙන තිබෙනවා. එහෙත් ඇතැම් දෙමවුපියන්ගෙන් මීට විරෝධයක් ද එල්ල වී තිබෙනවා.