යාගි සුළි කුණාටුව හමා යාමත් සමඟ මියන්මාරයට අධික ගංවතුරක් හට ගෙන තිබෙනවා.
යාගි සුළි කුණාටුව හේතුවෙන් 230,000 කට වැඩි පිරිසක් තම නිවෙස්වලින් ඉවත්ව ගොස් තිබෙනවා.
මියන්මාර පාලක ජුන්ටාව ගංවතුරෙන් බලපෑමට ලක්වූවන් මුදා ගැනීම සඳහා මේ වනවිටත් විදේශ ආධාර ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ද මිය ගොස් ඇති බව එරට හමුදාව පවසනවා.
නිවාස අහිමි වූවන් සඳහා තාවකාලික සහන කඳවුරු කිහිපයක් ද පිහිටුවා තිබෙනවා.
මේ වසරේ ආසියාවට බලපෑ දරුණුතම කුණාටුව වන යාගි සුළි කුණාටුව දැනටමත් වියට්නාමය, චීනයේ හයිනාන් දූපත හා පිලිපීනය හරහා හමා ගොස් තිබෙනවා.