5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා.
ඒ සදහා විභාග මධ්‍යස්ථාන මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.
අයදුම්කරුවන් තුන්ලක්ෂ විසිතුන්දහස් අටසිය හැත්තෑනවදෙනෙකු විභාගයට පෙනි සිටිමට නියමිතයි.
දිවයින පුරා මධ්‍යස්ථාන 2849ක දී විභාගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීමෙන් වළකින්නැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටිනවා.
විභාගයේ දී දරුවන් පැන්සල භාවිත කරන්නේ නම් කිසිදු බාධාවක් නොමැති අතර පෑන් භාවිත කරන අය එහිදී කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙස ඒ මහතා දැනුම් දෙනවා.
වෙනත් වර්ණවල පෑන් භාවිත නොකරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.