ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද දිනයෙන් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් ඒවා ලබා ගත හැකි වනවා.
තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් තැපැල් දෙපාර්තමේන්තුව මීට පෙර ක්‍රියාත්මක කළා.