දුප්පත්කම තුරන් කිරීම සඳහා සමගි ජන බලවේගය වසර දෙකක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල ඇත්තේ තමන් සතුව බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බද්දේගම පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
සමගි ජන සන්ධානයේ 46 වෙනි ජන රැළිය මෙයයි.
තවත් කිහිපදෙනෙකුම ජන රැළිය ඇමතුවා.