වසරේ මුල් මාස 8 තුළ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන දොළොස් ලක්ෂ විසිනවදහස් දෙසීය හතලිස් පහක ආදායමක් උපයා තිබෙනවා.
පසුගිය වසරේ එම කාලය හා සැසදිමේ දී එය 28.5%ක වර්ධනයක් බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද ලෙස රුපියල් මිලියන හයලක්ෂ විසිහතරදහස් හාරසිය තිස්නවයක් උපයා ගෙන තිබෙනවා.
එකතු කළ අගය මත බද්ද ලෙස ලැබී ඇති ආදායම රුපියල් මිලියන හාරලක්ෂ හැටඅටදහස් අටසිය හැටතුනක් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් උපයා ගත් රුපියල් මිලියන එක්ලක්ෂ විසිදෙදහස් නවසිය දාහත්ක ද එම බදු ආදායමට ඇතුලත්.
එසේම ඔට්ටු සහ සුදූ බද්ද තුළින් රුපියල් මිලියන එකොලොස් දහස් තුන්සිය පනස්පහක් සහ කොටස් ගණුදෙනු බද්දෙන් රුපියල් මිලියන එක්දහස් හාරසිය පනස් තුනක් ද වෙනත් බදු වර්ගවලින් රුපියල් මිලියන දෙසිය දහනවයක් ද මෙම බදු ආදායමට ඇතුළත් වෙනවා .