දේශපාලන අත පෙවීම්වලින් තොරව පොලිසියට රාජකාරී ඉටුකළ හැකි පරිසරයක් ගොඩනගන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඕනෑම අයෙකුට ගෞරවාන්විතව තම රාජකාරිය නිසිලෙස ඉටුකළ හැකි රටක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි ඒ මහතා කියා සිටින්නේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්රහණය අපේක්ෂාවෙන් අම්බලන්තොට මහජන ක්රීඩාංගනයේ පැවති ජන රැළියට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ඇතුළු කිහිපදෙනෙකු ජන රැළියේ දී අදහස් දක්වනු ලැබුවා