පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටිනවා .
යම් සේවා යෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණයේ ඉදිරියේ වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක් හිමිවන බවයි එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ