ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12දෙනා මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා .
ඔවුන් අද (13) දින කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසිනුයි එම තීන්දුව ලබාදී ඇත්තේ .
සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වනදා උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා .
බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේයි