මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය (15) තුළදී විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවයි සඳහන් වන්නේ
යම් ආපදාවක් නිසා කිසියම් දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත ඒ බව දැන්වා එකී බාධා තත්ත්වය ඉවත් කර ගත හැකි බවයි අපදා කළමනාකරණ ඒකකය පවසන්නේ .
මෙම විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක ක්‍රියාත්මක වන්නේ සෙනසුරාදා (14) හා ඉරිදා (15) දිනයන්හි පමණක් බව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .