බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් වල ඇතැම් ප්‍රදේශවල මිලීමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ .