ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමට අදාළ තත්ත්වයන් සැකසීම වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව නව එකඟතාවක් ඇති කර ගෙන තිබෙනවා.
ඒ චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමග රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී සිදු කළ සාකච්ඡාවක දී.
බ්‍රික්ස් සංවිධානයේ ආරක්ෂක කරුණු පිළිබඳ වගකීම් භාර උසස් මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමට පරිබාහිරව මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑත කාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද ඔවුන් අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.
එම සාකච්ඡාවේදී වං යී මහතා කියා සිටියේ අවදානම් සහිත වර්තමාන ලෝකයේ නැගෙනහිර ශිෂ්ටාචාරයන් දෙකක් ලෙස හා වර්ධනය වෙමින් පවතින රටවල් දෙකක් ලෙස චීනය හා ඉන්දියාව ස්වාධීනත්වයේ සිටිමින් එකමුතු බව හා සහයෝගීත්වයෙන් එකිනෙකාට හානි නොකර ගත යුතු බවයි.
එහිදී ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පැවසුවේ ඉන්දියාව හා චීනය ස්වකීය හා පොදු සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කළ යුතු බවයි.
බිලියන 2.8 ක දෙරට ජනතාවගේ වේගවත් සංවර්ධනය ලෝකය වෙනස් කිරීමට හේතුවනු ඇතැයි ද හෙතෙම සඳහන් කර තිබෙනවා.