ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන් පවතින සැකය දුරුකිරිමට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා .
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එවැනි වූ ආකාරයේ අක්රමිකතාවයන් සිදුනොවන නමුත් සැකය දුරු කිරී ම සඳහා අගුළු දැමූ ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා රැගෙන ඒමට උපදෙස් දී තිබෙන බවයි .
තවද ඡන්ද පෙට්ටි මුද්‍රා තැබිමේදී අහඔු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිතයෙක් හෝ ඡන්ද පොළ නියෝජිතයින් විසින් අත්සන් කරන ලද මුල්පිටපත එහි අළවා එක් පිටපතක් ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙතද අනෙක් පිටපත ඡන්ද පොළ නියෝජිතයින්ට නිකුත් කරන බව පවසනවා .
මෙහිදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාවද ලබාදී තිබෙන බව සඳහන්
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටී අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ .
එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුළත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුයි .
ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා .