අද (13) දින උදෑසන මාතර දෙයියන්දර අතපත්තුකන්ද මංසන්ධිය අසලදී කාන්තාවකට කැත්තකින් පහර දී ඝාතනයක් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරනවා
තම දරුවා උදෑසන පාසලට රැගෙන යමින් සිටියදී බිරිඳව සැමියා විසින් කැත්තකින් පහරදී ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ
මෙලෙස මිය ගොස් ඇත්තේ 42 හැවිරිදී දෙයියන්දර, පරපාමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් .
ඝාතනය සිදු කළ සැකකරු හඳුගල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන අතර මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ .