නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඩු බර දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් ආහාර ප්‍රදර්ශනයක් සහ වතු කම්කරු ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද දින හැටන් කොටගල කොමර්ෂල් වැව පරිශ්‍රයේදි සිදු කෙරිණ.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, කොටගල වැවිලි සමාගම, ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලය සහ වර්ල්ඩ් විෂන් සංවිධානය එක්ව ඉන්ෆ් යන මැයෙන් මෙම ප්‍රදර්ශනය සහ දැනුවත් කිරිමේ වැඩසටහන සංවිධානය කර තිබුණා.
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ අවු 05 වඩා අඩු පෝෂණ ඌණතාවයෙන් පෙලෙන අඩු බර දරුවන්ගේ ප්‍රතිශතය 27% දක්වා ඉහල ගොස් ඇති බවත්, එය 20% දක්වා අඩු කිරිමේ අරමුණින් ප්‍රදේශයෙන්ම සොයාගැනිමට හැකි පෝෂණයෙන් ඉහල ආහාර ද්‍රව්‍ය ගුණාත්මක සහ ළමුන්ට රුචිකත්වයෙන් යුතුව පිළියෙල කර ගන්නා ආකාරය පිලිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරිමක්ද මෙහිදි සිදු කල බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා කියා සිටියේ.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පවතින මන්ද පෝෂණ තත්ත්වය විදහා දැක්වෙන විදි නාට්‍යයක්ද මෙම වැඩසටහනට සමගාමිව රඟ දැක්විණ.
ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් දැනට වර්ල්ඩ් විෂන් සංවිධානයේ අනුග්‍රහය ඇතිව කාසල්රි, මවුස්සාකැලේ සහ වතු පොකුණු ජලාශවල සිදු කරගෙන යන මිරිදිය මත්ස්‍ය වගාවෙන් නෙලා ගන්නා අධි පෝෂණයෙන් යුතු මිරිදිය මසුන් රසවත් ලෙස පිළියෙල කර ගන්නා ආකාරය පිලිබදව ප්‍රායෝගිකව එම ප්‍රදර්ශණයට සහභාගි වු පෝෂණ ඌණතාවයෙන් පෙලෙන අඩු බර ඇති දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පැමිණ සිටි පිරිස දැනුවත් කිරිමක්ද සිදු කෙරිණ.