අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අද (13) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා .
ඒ අනුව බන්ධනාගාර ගත කළ සහකාර පොලිස් අධිකාරිවරයාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මතයි ඇප හිමිව තිබෙන්නේ .
පසුගිය 05 වැනිදා උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසිනුයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ .