ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුලු ප්‍රතිසංස්කරණ රැසක් සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය නව කොමිෂන් 6ක් පත්කර තිබෙනවා.
අධිකරණය, මැතිවරණ ක්‍රමය, පරිපාලනය, පොලීසිය, දූෂණ මර්දන කොමිසම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ංසකරණය කිරිම සඳහායි මෙලෙස කොමිෂන් 6ක් පත්කර ඇත්තේ.
එම නව කොමිෂන් 6 සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා.
ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වන්නේ මහජන අයිතිය, වගවීම හා සුබසාධනය මත පදනම් වු රාජ්‍ය පද්ධතියක් ඇති කිරීම බවයි ඔහු මෙහිදි සඳහන් කළේ.
බංග්ලාදේශය තුළ නැවත වරක් ෆැසිස්ට්වාදය හෝ ඒකාධිපති පාලනයක් නැවත ඇති වීම වැළැක්වීම සඳහා මෙම ප්‍රතිසංස්කරණයන් අත්‍යවශ්‍ය බව ද මුහම්මද් යුනුස් පෙන්වා දෙනවා.
එමෙන්ම එහි හරය වන්නේ සාධාරණ මැතිවරණ ක්‍රමයක් හා යහපාලනය ඇති කිරීම බවයි ඔහු තවදුරටත් පවසන්නේ.
මැතිවරණ ක්‍රියාවලියට අදාළ පොලීසිය,රාජ්‍ය පරිපාලනය, අධිකරණය හා දූෂණ විරෝධි කොමිසම ප්‍රතිසංස්කරණය කිරිම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය බව ද අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් තවදුරටත් සඳහන් කළා.
එමෙන්ම සමාජයේ සියලු ස්ථරවල නියෝජනය හා අවශ්‍යතා සහතික කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.