අවුරුදු 54 හැවිරිදි පියෙකු විසින් තම 23 හැවිරිදි දියණිය මාස හතරක ගැබිනියක් කිරීමේ සිද්ධියක් යාපනයේ ඉනුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා ..
පියා විසින් තම දියණියව බිය ගන්වා ඇයව දූෂණය කර තිබෙන අතර ඉන් පසුව කලක් තිස්සේ දියණිය හා පියා ලිංගික ලෙස හැසිරී තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටින්නේ .
පසුව ඇයට වැළදුණු අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමට තෙලිප්පලෙයි රෝහලට ගිය අවස්ථාවේදී ඇය මාස හතරක ගැබිනියක් බවට වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.
මේ ගැන තොරතුරු විමසීමේදී තරුණිය සියළු විස්තර වෛද්‍යවරුන්ට ප්‍රකාශ කිරීමෙන් පසුව එම වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ .
පසුව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය පූර්ණ වෛද්‍ය වාර්තවක් ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.