කමලා හැරිස් සමඟ තවත් විවාදයකට කිසිදු සුදානමක් නොමැති බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.
ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක උප ජනාධිපති කමලා හැරිස් හා රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු විවාදය පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ පැවැත්වුණා.
එම විවාදයෙන් අනතුරුව ඡන්දදායකයින් වෙනුවෙන් තවත් විවාදයක් පැවැත්විය යුතු බවට කමලා හැරිස් සිදුකළ යෝජනාවට ප්‍රතිචාරයක් ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ.
තමා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගන්නා බව මේ වන විට තහවුරු වී ඇති බැවින් උප ජනාධිපති ධුරයේ වැඩකටයුතුවලට පමණක් අවදානය යොමු කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කමලා හැරිස්ට දැනුම් දෙනවා.
ජනාධිපතිවරණයට තවත් මාස දෙකක පමණ කාලයක් ඉතිරිව ඇති අතර අපේක්ෂකයින් දෙදෙනා කරට කර තරගයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
**