උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා.
මාස දෙකක කාලයකට පසු උතුරු කොරියාව මිසයිල අත්හදා බැලු ප්රථම අවස්ථාව මෙයයි.
උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු කලාපයට එම මිසයිල පතිත වී ඇති බව ද සදහන්.
කිලෝ මීටර් 360ක පමණ දුරක් පියාසර කිරිමෙන් පසු එම මිසයිල මුහුදට පතිත වු බවයි දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.
කොරියා අර්ධද්විපයේ සාමය හා ස්ථාවරත්වයට හානි සිදුවන මෙවැනි අත්හදා බැලීම් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඔවුන් පෙන්වා දෙනවා.