නයිජිරියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිලියනයක පමණ පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව නයිජිරියා රජය නිවේදනය කරනවා.
වසර 30කට පමණ පසු නයිජිරියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි නයිජිරියා බලධාරීන් සදහන් කරන්නේ.
ඊසාන දිග නයිජිරියාවට ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර සත්ත්වෝද්‍යානයක රඳවා සිටි සතුන් රැසක් ඉන් පළා ගොස් ඇති බව ද සදහන්.
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම් පවසනවා.
මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මෙයිදුගුරි නගරයේ ගොඩනැගිලි හා යටිතල පහසුකම් රැසක් ගංවතුර හේතුවෙන් සම්පුර්ණයෙන් විනාශය පත්ව තිබෙනවා.
ලක්ෂ දෙකක පමණ පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා.