දකුණේ දරුවන්ට හිමි සියලු දේ උතුරේ දරුවන්ට ද ලබාදීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තරුණයෙකු ලෙස උතුරු නැගෙනහිර මෙන්ම රට පුරා තාරුණ්‍යයේ හද ගැස්ම තමන් හදුනන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යාපනයේදී ජන හමුවක් පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයගහ්‍රණය වෙනුවෙන් ජන හමුවක් වවුනියාවේදී පැවැත්වුණා.
එම ජන හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.