බටහිර රටවල් යුක්රේනයට දිගු දුර මිසයිල ලබාදුනහොත් ඔවුන් රුසියාව සමඟ සෘජු යුද ගැටමුක් ආරම්භ කළා සේ සලකන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවනවා.
රුසියාව සමඟ සටන් කිරීම සඳහා ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් යුක්රේනයට යුද ආධාර ලබාදීම සිදුකරනවා.
පසුගිය මාසයේ දී ප්රහාරක ජෙට් යානා ඇතුලු නවීන අවි ආයුධ රැසක් ලබාදීමටයි එම රටවල් කටයුතු කළේ.
යුක්රේන ජනාධිපතිවරයා තම මිත්ර පාර්ශවික රටවලින් දිගු දුර මිසයිල ලබාදෙන ලෙස මාස කිහිපයක සිට ඉල්ලීම් සිදුකරනවා.
කෙසේ වුවද යුක්රේනයට දිගු දුර මිසයිල ලබාදුනහොත් බටහිර රටවල් හා නෙටෝ සංවිධානය රුසියාව සමඟ සෘජුව යුද ගැටුමකට එළඹියා සේ සලකන බවයි රුසියා ජනාධිපතිවරයා පවසන්නේ.
චන්ද්රිකා දත්ත භාවිතා කරමින් ප්රහාර එල්ල කළ යුතු ඉලක්කයන් ලබා ගැනීම සඳහා යුක්රේනයට පහසුකම් නොමැති අතර ඒවා ද බටහිර රටවල් ලබාදිය යුතු වනවා.
එබැවින් එම රටවල් රුසියාව සමඟ සෘජු යුද ගැටුමකට එළඹීම ඒ හරහා සිදුවන බවයි රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.