ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ඝාතනයන් වහාම අත්හිටුවන ලෙස ජගත් සංවිධාන ප්‍රධානියා ඉල්ලා සිටිනවා.
ඊයේ දිනයේ දී ගාසා තීරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
ජගත් සංවිධානය පවත්වාගෙන ගිය අවතැන් කදවුරක් එම පාසල තුළ ක්‍රියාත්මක වු අතර ප්‍රහාරයෙන් සහන සේවකයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කර මනූෂ්‍ය ඝාතනයන් නැවැත්විය යුතු බව ජගත් සංවිධාන ප්‍රධානි ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරනවා.
මේ වන විට ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් 25%ක ප්‍රතිශතයක් යුද ගැටුම් හේතුවෙන් තුවාල ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අතරින් 22500 දෙනෙකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව ද ගුටරෙස් පවසනවා.
පසුගිය ඔක්තෝබර් 7 වන දින සිට මේ දක්වා ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් 41118 දෙනෙකු ජිවිත්කෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 95125ක්.