ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ නිමකළ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ පූර්ණ ප්රතිසංස්කරණයෙන් පසු නිලවශයෙන් අද දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේදී මෙම භාරදීම සිදු වූ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
වසර 100 කට වඩා පැරණි යාපනය කොළඹ දුම්රිය මාර්ගයේ මීට පෙර කොළඹ සිට යාපනයට ගමන් කිරීමට පැය හතහමාරක පමණ කාලයක් ගත වූ අතර එහි දුර්වලම කොටස වූ මහව සහ ඕමන්තේ අතර කිලෝමීටර් 128ක දුරක් ඉන්දීය ණය ආධාර යටතේ මෙසේ අලුත්වැඩියා කෙරුණා.
ඒ සඳහා රුපියල් කෝටි 3000 කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ මෙම සංවර්ධන වියාපෘතියක් සමඟ පැයට කිලෝමීටර් 100 ක වේගයකින් දුම්රිය ධාවනය කිරීමේ අවස්ථාව උදාවන අතර පැය පහ හමාරකින් පමණ යාපනයට ගමන් කළ හැකිවීම විශේෂත්වයක්.