දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ මහජන සම්මන්ත්‍රණයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රට බෙදන / බුදු සසුන වනසන / රණවිරුවන් පාවා දෙන / වර්ගවාදයට උඩගෙඩි දෙන විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනයන් අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝගය යන මැයෙන් සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාලයේ දී පැවැත්වුණා.
දේශප්‍රේමි ජාතික පෙරමුණ පැවැත්වු මෙම සම්මන්ත්‍රණයේ දී එහි ජාතික සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සභාව අමතමින් සිටියදී මෙසේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිසිය මෙම ස්ථානයට පැමිණ විමර්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.