මැලේසියාවේදී අපයෝජනයට ලක්වූ බාලවයස්කරුවන් 402 ක් එරට පොලිසිය බේරා ගෙන තිබෙනවා.
මෙම අපයෝජන වලට සම්බන්ධ ආගමික ගුරුවරුන් හා භාරකරුවන් ඇතුළු සැකකරුවන් 171ක් අත්අඩංගුවට ගත් බවයි එරට පොලීසිය පවසන්නේ.
මැලේසියා පොලීසිය රැකවරණ නිවාස 20ක් පුරා සිදු කළ මෙහෙයුමකින් අනතුරුවය මොවුන් අත්අඩංගුවට ගත් බවයි එරට පොලීසිය සඳහන් කරන්නේ.
කායික හා ලිංගික අපයෝජනයට ලක් වූ බවට සැක කරන ළමයින් මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන් 402 ක් මෙලෙස බේරාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඔවුන් වයස අවුරුදු 1 සිට 17 දක්වා වයස්වල පසුවන්නන්වන අතර නෙගේරි සෙම්බිලන් ප්‍රාන්තයේදී මෙම මස මුල වාර්තා වූ ළමා සූරාකෑම්, අතවර කිරීම් හා ලිංගික අපයෝජන හේතුවෙන් මෙවැනි මෙහෙයුමක් සිදු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.