ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් විදේශගත වීමට වීසා ලබාගෙන ඇති බව කඳුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා .
රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බව කියා සිටියේ අද (12) දින සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා නාවලපිටිය හපුගස්තලාව ප්‍රදේශයේ පැවැත් වූ ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමකට සහභාගි වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් .
මේ දිනවල ඇතැම් පිරිස් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නේ එක් එක් අපේක්ෂකයන්ගේ උවමනාවට බවත්, එය සැබැ ජන මතයක් නොවන බවත්, මෙවර ජනාධිපතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය 80% ක ජන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා .
එමෙන්ම ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ වැටුප රු 1700 දක්වා වැඩි කර ඇති බවට කොටගල පැවති මැයි දින රැස්විමේදී ප්‍රකාශයට පත් කළද එම කම්කරුවන්ට වැඩි කල කිසිදු වැටුපක් මෙම මස නොලැබුණු නිසා වතු කම්කරුවන්ගේ ඡන්දය මෙවර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.