වසර 10 කට පසුව එංගලන්ත ක්රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයකදී , එංගලන්තය පරාජයට පත් කළ ජයග්රාහී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම (12) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන්(12) දින පස්වරු 02.05 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි කටුනායක ආරක්ෂක නිලධාරින් පවසන්නේ.
ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මහතා තමන් මෙම තරගාවලිය හොදින් නිමා කළ බවත් , මුල් ටෙස්ට් තරග දෙකේදී තම කණ්ඩායමට සුළු අඩුපාඩු කීපයක් නිසා ජයග්රහණය අහිමි වී ගිය බවයි නායක ධනංජය ද සිල්වා සඳහන් කළේ.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.