හිඟ වෙමින් පවතින විදේශ විනිමය සංචිත ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශය ඩොලර් බිලියන 5 ක හදිසි අරමුදල් අපේක්ෂා කරනවා.
ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක බැංකුව හා ජපානය ඇතුළු ප්රමුඛ ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ඩොලර් බිලියන 5 ක මූල්‍ය ආධාරයක් ඉල්ලා තිබෙනවා.
අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක් හා ජයිකා ආයතනයෙන් අතිරේක ඩොලර් බිලියන 1 ක් ලබා ගැනීම අපේක්ෂාවයි.
රට තුළ පැවැති අරගලකාරී තත්ත්වය, ගෝලීය ආර්ථික කඩාවැටීම මෙන්ම රාජ්‍ය දූෂණය ද බංග්ලාදේශයේ අර්බුදයට හේතු වී තිබෙනවා.
මේ හේතුවෙන් රුසියාවෙන් මෙන්ම චීනයෙන් ද දිගුකාලීන ණය ගෙවීම් කාල සීමා සඳහා බංග්ලාදේශ රජය සාකච්ඡා කරමින් සිටිනවා.
ඩොලර් බිලියන 450ක බංග්ලාදේශ ආර්ථිකය මේ වනවිට දැවැන්ත පීඩනයකට ලක්ව තිබෙනවා.