මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (11) දින ඇපමත මුදා හරින ලද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (12) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළා
ඒ, අල්ලස් කොමිසම විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු දෙකකට අදාළවයි.
එහිදී ඔක්තෝබර් මස 03 වනදා සහ 25 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නියෝග කර තිබෙනවා.