බංග්ලාදේශ අර්බුදය හේතුවෙන් එරට ගම්වල පැය 19ක් හා නගරවල පැය 5ක් විදුලිය කප්පාදු කරන බව වාර්තා වනවා.
මේ වන විට බංග්ලාදේශය එරට බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් 45%ක් භාවිතා කරමින් මෙගාවොට් 12,500ක් පමණ දෛනිකව විදුලිය නිපදවනවා.
ඊයේ හා අද දිනයේද එරට නගරවල පෙර නොවූ විරූ ආකාරයේ විදුලිය ඇනහිටීම් සිදුව තිබුණා.
ඇතැම් ප්රදේශ වල කලින් නොදන්වා පැය පහකට වැඩි කාලයක් විදුලිය එන හිට තිබු වාර්තා වනවා.
රටේ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයද මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
නොගෙවූ බිල්පත් හා ප්රමිතියෙන් අඩු විදුලි බලාගාර හේතුවෙන් මෙම අර්බුදය තවත් උග්ර වී තිබෙනවා.