පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 86 වන වියේ පසුවුණා.
1990 සිට 2000 වසර දක්වා ඔහු පේරු රාජ්‍යය පාලනය කළා.
ඇල්බර්ටෝ ෆුජිමෝරි එම කාලයේදී සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණා.
ඔහු බලයෙන් පහ කෙරුණේ එල්ල වූ චෝදනා වල ප්‍රතිඵලයක් වශයෙන්.
පසුව ෆුජිමෝරි ජපානයට පැනගිය අතර 2005 වසරේදී චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගැනුණා.
අනතුරුව ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට ඔහුව බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.
පසුගිය දෙසැම්බර් මාසයේ ෆුජිමෝරි බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවයි.