සිව්වැනි වරටත් පැවැත් වෙන දකුණු ආසියා කණිෂ්ඨ මලල ක්රීඩ උලෙලේ පළමු දිනයේදීම ලංකා ක්රීඩක ක්රීඩිකාවන් ඉහළම දක්ෂතා දැක්වීම කැපී පෙනුනා.
රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ඒ අතර එක්ව තිබීම විශේෂත්වයක්.
දකුණු ආසියා ක්රීඩා උළෙල ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඊයේ ආරම්භ වුනා.
ශ්රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා සමත් වුණා.
ඒ විනාඩි 2යි තත්ත්පර දහයි දශම එකයි හතකින් තරගය අවසන් කරමින්.
එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ සංසලා හිමාෂිනී.
ඒ විනාඩි 2යි තත්ත්පර දොලහයි දශම එකයි තුනකින් අවසන් කරමින්.
පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් වුණා.
එමෙන්ම පිරිම් මීටර් 100 අවසන් තරගයට සහභාගී වූ මෙරෝන් විජේසිංහ තත්ත්පර දහයයි දශම හතරයි එකක කාලයකත් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත්තා.
එම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට දිනෙත් ඉදුවර සමත් වුණා.
මෙරෝන් විජේසිංහ ලබාගත් මෙම ජයග්රහණය පෞද්ගලික හොදම දක්ෂතාව, නව තරග වාර්තාවක් මෙන්ම ජාතික කණිෂ්ඨ තරග වාර්තාවක් වී තිබීම ද විශේෂත්වයක්.